විදුලි අමාත්‍යාංශ ලේකම් සහ මහජන උපයෝගීතා සභාපති මානව හිමිකම් කොමිසමට
Related Articles
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මානව හිමිකම් කොමිසමට අද කැඳවා තිබුණා. ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි කප්පාදුව වැළැක්වීමට පියවර නොගෙනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.
උසස් පෙළ විභාගය කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට සහ මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබුණා. එහෙත් විදුලි කප්පාදුව වැළැක්වීමට පියවර නොගැනිම හේතුවෙන් ඒ පිළිබද කරුණු දැක්වීම සදහා පැමිණෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභෘව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට දැනුම් දී තිබුණා. ඒ අනුව අද උදෑසන 10ට පමණ කොමිසටම පැමිණි බවටයි වාර්තා වුණේ.
මේ අතර ඊයේ දිනයේ රටේ විදුලි අවශ්‍යතා වෙනුවෙන් ගිගා වෝට් පැය 42.58ක් විදුලිය උත්පාදනය කර විදුලි බල මණ්ඩලය විසින් ජාතික පද්ධතියට එක්කර තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේ විදුලි කප්පාදුවෙන් ගිගා වෝට් පැය 2.22ක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. විදුලි බල මණ්ඩලය සතු ගල් අගුරු බලාගාරවලින් 47.03%ක් ජල විදුලියෙන් 28.17%ක් මෙන්ම ඉන්ධන බලාගාරවලින් 10.95% විදුලි උත්පාදනයක් සිදු කර තිබෙනවා. එමෙන්ම සුළං සූර්යය පැනල සහ පෞද්ගලික විදුලි සැපයුම්කරුවන් මගින් සෙසු විදුලි අවශ්‍යතාව සපුරා ගත් බවයි විදුලි බල මණ්ඩලය නිවේදනය කරන්නේ.
මේ අතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරන්නේ නොලොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම පිළිබද සමාලෝචනයක් සිදු කල බවයි. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා ගල් අගුරු සමාගමේ නිලධාරීන් සමග අමාත්‍යවරයා අද උදෑසන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනවාරි මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අගුරු නෞකා 7න් 5ක් මේ වන විට ලබා ගෙන ඇති අතර ඉතිරි නෞකා දෙක ඉදිරියේ දී ලබා ගැනීමට නියමිතයි. ඒ අනුව සම්පුර්ණ ගල් අගුරු අවශ්‍යතාවය වන නෞකා 33න් නෞකා 10ක් මේ වන විට ලබා ගෙන ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. එමෙන්ම පෙබරවාරි / මාර්තු සහ අප්‍රේල් මාසවල ගල් අගුරු නෞකා 7 බැගින් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් නොමැති විම හේතුවෙන් නියමිත වේලාවට නෞකා ගෙන්වා ගැනීමේ ප්‍රමාදයක් ද සිදු විය හැකි බව අමාත්‍යවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනේ සදහන්.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු උපරිම ධාරිතාවෙන් සිදු කෙරෙන බව පොදුජන ප්‍රගතිශිලි සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ ලේකම් ප්‍රේමන්ත ගමගේ මහතා පවසනවා. පිරිපහදුව දෛනිකව බොරතෙල් මෙට්‍රික් ටොන් 4000 ධාරිතාවෙන් ක්‍රියා කිරීම ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.