fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම සම්පූර්ණයෙන් නවතා දැමීමට සූදානම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2023 12:49

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම සම්පූර්ණයෙන් නවතා දැමීමට සූදානම්

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට පැමිණීම සම්පූර්ණයෙන් නවතා දැමීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා.

ධීවර අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ඩග්ලස් දේවානන්දා මහතා මේ බව කියා සිටියේ.

ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා ඉන්දීය ධීවර යාත්‍රා මෙරට ධීවරයන්ට ලබා දීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය ධීවරයන් මෙරටට පැමිණීම බොහෝදුරට පාලනය කර ගැනීමට මේ වන විට හැකිවී තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2023 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්