නීතිවිරෝධීව ආනයනය කර ව්‍යාජ අංකයක් සවි කළ ජීප් රථයක් අත්අඩංගුවට
Related Articles
නීතිවිරෝධීව ආනයනය කර ව්‍යාජ අංකයක් සවි කර භාවිත කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් ජීප් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රසිද්ධ වැවිලි සමාගමට අයත් ජීප් රථයක ලියාපදිංචි අංකයක් ඊට සවිකර තිබූ බවයි පොලිසිය පවසන්නේ.
මෙම ජීප් රථය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසලදීයි.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වැටලීම සිදුකර තිබෙනවා.
ජීප් රථයට අදාළව සැකසු ව්‍යාජ ලේඛන කිහිපයක්ද පොලිස් භාරයට ගැනුණා.
ගම්පහ ප්‍රදේශයේ වාහන අලෙවි සැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ පහළොවක පොරොන්දුවක් මත ලක්ෂ දහයක අත්තිකාරමක් ලබාගෙන ලියාපදිංචි අංකයට අදාල සියලු ලේඛන සකස් කර දෙන බවට පොරොන්දු වූ බව සැකකරු පවසා තිබෙනවා.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනද සම්බන්ධ කරගනිමින් විමර්ශන සිදු කෙරෙන බවයි පොලිසිය පවසන්නේ.