භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි – නාවිකයින් 17 දෙනෙකු අතුරුදන්
Related Articles
නිරිතදිග ජපානයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් නාවිකයින් 17 දෙනෙකු අතුරුදන් වුණා.
ටොන් 6,651 ක් බැරැති හොංකෝං සිට පැමිණි ජින්ටියෑන් නෞකාව මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
දැව ප්‍රවාහනය කරමින් තිබු මෙම නෞකාව අනතුරට පත්වීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ. කෙසේවෙතත් ජපානයට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් නෞකාව අනතුරට පත්ව ඇති බවටයි සැක පළ කරන්නේ.
නෞකාව අනතුරට ලක්වු අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙනෙකු එහි සිට ඇති අතර 5 දෙනෙකු බේරා ගැනීමට ජපාන වෙරළාරක්ෂකයින් සමත්ව වුණා.
නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය චීන සහ මියන්මාර ජාතිකයින් බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වු සෙසු පිරිස සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.