fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුජිබුර් වෙනුවට ෆවුසිගේ නම ගැසට් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2023 10:07

මුජිබුර් වෙනුවට ෆවුසිගේ නම ගැසට් කෙරේ

මුජිබුර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ එච් එම් ෆවුසි මහතාගේ නම ගැසට් කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවට තරග කිරීම සදහා සමගි ජන බලවේගයේ තීරණයකට අනුව මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් පසුගිය දා ඉල්ලා අස්වුණා. ඉන් ඇති වු පුරප්පාඩුවටයි ඒ එච් එම් ෆවුසි මහතා පත්වන්නේ.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළගට නම් සදහන් වුයේ ෆවුසි මහතාගේයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා පත්වන ඒ එච් එම් ෆවුසි මහතා වසර ගණනාවක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2023 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්