චීන එක්සිම් බැංකුවෙන් ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහන කාලයක්
Related Articles
චීනයේ අපනයන, ආනයන බැංකුව අද සදහන් කළේ ශ්‍රීලංකාවට ණය ගෙවීම සදහා සහන කාලයක් ලබා දෙන බවයි. ඒ අනුව ණය ගෙවීම වසර දෙකක් දක්වා ප්‍රමාද කළ හැකි බවයි රොයිටර් පුවත් සේවය කළ සමාලෝචනයකදී එම බැංකුව සදහන් කර තිබෙන්නේ.
ශ්‍රීලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන දෙකයි දශම නවයක මූල්‍ය සහනය ලබාගැනීමට ද අවශ්‍ය සහාය ලබා දෙන බවටද මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
2020 වසර අවසානය වන විට චීනයේ ආනයන අපනයන බැංකුව ශ්‍රීලංකාවට ඩොලර් බිලියන දෙකයි දශම අටයි තුනක ණය මුදලක් ලබා දී තිබෙනවා. එය මෙරට ණය මුදලින් සියයට තුනයි දශම පහක් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කළේ. මෙම කාලසීමාව තුළ ලබාගත් ණය සහ ඊට අදාළ පොලී ගෙවීම ද ප්‍රමාද කළ හැකිබව මෙම බැංකුව අදාළ සමාලෝචනයේදී සදහන් කර තිබෙනවා.
එමෙන්ම ඉදීරි මාස 6 තුළ ශ්‍රීලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරන බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද ප්‍රකාශ කළා.
මේ අතර මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරි මාස 6 තුළ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. ආර්ථික ඉදිරිදැක්ම 2023 යන මැයෙන් පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.