fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බැලීමට කමිටුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 18:16

කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බැලීමට කමිටුවක්

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝකප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වොටර් රාෆ්ටින්  ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දුන්නේය.

ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතූවෙන් කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමට ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

සංචාරක අමාත්‍යාංශයේ සහ රේඛීය ආයතන වල නිලධාරීන්ගෙන් සමන්විතව පත් කෙරෙන මෙම කමිටුව මගින් ඒ ආශ්‍රිතව ඉදිරිපත්ව ඇති ගැටළු පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා උපදෙස් ‍දුන්නේය.

කිතුල්ගල ආශ්‍රිතව ක්‍රියාත්මක වන වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව දෙස්, විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ශණයට ලක්ව තිබේ.

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අදාළ සේවා සපයන පාර්ශ්ව පෙන්වා දෙති. මේ ‍හේතුවෙන් තමන්ගේ ජීවනෝපාය මාර්ගවලට ද විශාල බලපෑමක් එල්ල වී තිබෙන බවත් රටට විදේශ විනිමය උපයා ගැනීමට මහඟු හැකියාවක් ඇති මෙම ක්‍රීඩාවේ සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන ලෙසත් ඔව්හු ඉල්ලා සිටිති.

මෙම සාකච්ඡාවට සහභාගී වූ බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ පවතින තාක්ෂණික විධිවිධාන වලට යටත්ව කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් සේවා සපයන පාර්ශ්වයන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.

නමුත් අදාළ සේවා සපයන පාර්ශ්ව පෙන්වා දුන් ප්‍රායෝගික ගැටලු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති ලේකම්වරයා ඒ සඳහා ලබාදිය හැකි කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරුන් ද සංචාරක අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රේඛීය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්