දිවයිනේ රෝහල් රැසක වෛද්‍යවරුන් සහ සෙසු කාර්ය මණ්ඩලය අද දිනයේත් කළු පටි පැළදගෙන සේවයට එක්ව සිටියා. ඖෂධ හිඟය ඇතුළු ගැටලුවලට වහාම විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් ඊයේ සිට කළු සතියක් ප්‍රකාශයට පත් කළේ.
අද දිනයෙත් කොළඹ ජාතික රෝහලේ සහ පිටපළාත්වල රෝහල් රැසක කළුපටි පැළදගනිමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සේවයට එක්ව සිටින ආකාරය දැකගත හැකිවුණා. රෝහල්වල බාහිර රෝගී අංශ ද කළු පටිවලින් සරසා තිබුණා. මෙම සතිය පුරා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මීට සමගාමීව මහජන පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනක්ද රෝහල් කිහිපයක ක්‍රියාත්මක වුණා. රෝහල් වෙත ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි බොහෝ පිරිසක් එම පෙත්සම්වලට අත්සන් තැබීමට ද එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/PvlaOOD7wUQ”]