fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහවැලි බී කලාපයේ ගොවි ජනතාවත් කොළ කහ වීමේ රෝගයෙන් දැඩි පීඩාවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:53

මහවැලි බී කලාපයේ ගොවි ජනතාවත් කොළ කහ වීමේ රෝගයෙන් දැඩි පීඩාවට

මහවැලි බී කලාපයේ ගොවි ජනතාව තම වගාවන් සඳහා බලපා තිබෙන කොළ කහ වීමේ රෝගය හේතුවෙන් දැඩි පීඩාව පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් විනාශ වූ තම වගාවන් වෙනුවෙන් වන්දි මුදල් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

දැඩි ලෙස බලපා ඇති කොළ කහ වීමේ රෝගය හේතුවෙන් තම වගාවන් විනාශ වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

වගාවන් වෙනුවෙන් විශාල මුදලක් මේ වන විටත් වැය කර තිබෙන අතර මහවැලි බී කලාපයේ නෙළුම් වැව කොට්ඨාසයේ කුඹුරු හෙක්ටයාර දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම උවදුරට ගොදුරු වී තිබෙනවා.

විවිධ තෙල් වර්ග තම වගාවන්ට යෙදුවත් ඉන් කිසිදු පළක් නැති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්