fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රයට අමාත්‍යාංශ උපදේශ කාරක සභාවේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:48

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රයට අමාත්‍යාංශ උපදේශ කාරක සභාවේ අනුමැතිය

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

මෙම උපදේශක කාරක සභාව අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වුණා.

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනය සදහා අනුමැතිය හිමි වූයේ එම අවස්ථාවේදීයි. ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර තිබෙනවා.

කර්මාන්ත සහ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා ණය ලබාදීම මෙන්ම එම ණය ඵලදායීව යොදා ගන්නේදැයි අධීක්ෂණය කිරීම පිළිබඳවද මෙම කාරක සභාවේදී අවධානය යොමු වුණා.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, ගයාෂාන් නවනන්ද සහ ජගත් කුමාර යන මන්ත්‍රීවරුන්ද කාරක සභාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්