fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහාය ලබාදීම අපිට ප්‍රබල ශක්තියක් – IMF කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:41

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සහාය ලබාදීම අපිට ප්‍රබල ශක්තියක් – IMF කියයි

ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය ලබා දෙන සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණ ගැනීමට ද ප්‍රබල ශක්තියක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කර ඇත්තේ ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කර සෙසු අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව අවශ්‍ය අරමුදල්  ආධාර වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඉන්දීය මුදල් අමාත්‍යාංශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා වෙත ලිපියක් යොමු කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරන්නේ ශ්‍රීලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට දැඩිලෙස සහාය දක්වන බවයි.  එමෙන්ම ශ්‍රී ලංකාවේ සෙසු ණය හිමියන් සමග ද සාකච්ඡා කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්ව සිටිනවා.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් මූල්‍ය අර්බුදයෙන් මිදීම සදහා විශාලතම ද්වී පාර්ශ්වීය ණය ලබා දෙන්නන් වන චීනයේ සහ ඉන්දියාවේ සහාය අත්‍යවශ්‍ය වනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 24, 2023 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්