මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කළා.
අතුරුගිරිය මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශ ආරක්ෂක නිවස්නය වටලා එහි නිලධාරින් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්ය රහස් හෙළි කිරීම කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහි චෝදනාවයි.
විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන්නේද නැද්ද යන තීන්දුව අද ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
එහිදී විනිසුරුවරයා තීන්දු කළේ විත්තියේ සාක්ෂි කැදවිය යුතු බවයි.
ඒ අනුව නඩුව පෙබරවාරි 21 වනදා කැඳවීමට නියෝග කෙරුණා. මිලේනියම්සිටි ආරක්ෂක නිවස්නය වටලා තිබුණේ 2002 ජනවාරි දෙවනදායි.