අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා වැරදිකරු කෙරුණා. ඔහුට බරපතල වැඩ සහිතව වසර 4 ක සිර දඩුවම් නියම කිරීමටයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් නියෝග කළේ. මෙම දඩුවමට අමතරව රුපියල් ලක්ෂ 3ක දඩයක්ද නියම කෙරුණා. එය ගෙවීම පැහැර හරින්නේ නම් අමතර මාස 6ක සිර දඩුවම් ද නියම කරන බවයි නියෝගයේ සදහන් වූයේ. ප්‍රීති පද්මන් සූරසේන සහ එස් තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් මෙම තීන්දුව ප්රකාකශයට පත්කළා. සාමාජික විනිසුරු ගාමිණී අමරසේකර මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේ තමන්ද අදාල චෝදනාවට විත්තිකරු වරදකරු කරන බවයි. ඒ අනුව තමන් ඔහුට මාස 30 ක සිරදඩුවමක් හා රුපියල් ක්ෂ 3ක දඩයක් නියම කරන බවත් එය නොගෙවන්නේ නම් අමතර මාස 6 ක සිර දඩුවමක් නියම කරන බවත් විනිසුරුවරයා පැවසුවා. 2020 වසරේ ජනවාරි 19 වනදා මාධය හමුවකට එක්වෙමින් පංචපුද්ගල ශ්රේෂිඨාධිකරණ විනිසුරු මඩුල්ලක තීන්දුවක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිනුයි අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණේ.