සිනමාවේදිනි අනෝමා රාජකරුණා දිවයිනට
Related Articles
21 වන ඩකා ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී කාන්තා අංශයේ හොදම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් අනෝමා රාජකරුණා අද දිවයිනට පැමිණියා.
අවර් මදර්, ග්‍රෑන්ඩ්මදර්, ෆයිමිනිස්ටර්, සිරිමාවෝ නමැති මෙම වාර්තා චිත්‍රපටය හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩානාරයක මැතිනිය තේමා කරගනිමින් නිර්මාණය වී තිබෙනවා. විනාඩි 83 ක විකාශන කාලයක් සහිත එම චිත්‍රපටයට සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයම උපයෝගී කරගෙන තිබෙනවා. අනෝමා රාජකරුණා මහත්මිය පිළිගැනීම සදහා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියා.