fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 19:07

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක් ලබා දුන්නා. අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් එම මුදල් ලබාදීම අද සිදු කෙරුණා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතිහාසය පුරා මහා භාණ්ඩගාරය වෙත ලබා දී ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන තුන්දහස් තුන්සිය අසූ දෙකක්. රුපියල් බිලියන තුනක් වැනි විශාල මුදලක් මෙලෙස එකවර ලබා දුන් පළමු අවස්ථාව මෙය බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. මේ අතර පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 500 ක් ප්‍රදානය කිරීමටද එම කාර්යාංශය කටයුතු යොදා තිබෙනවා. ඉන් මිලියන 100 ක් දැනටමත් ලබා දී ඇති බවයි මනූෂ නානායක්කාර මහතා පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 19:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්