fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණය තවමත් නිගමනය කර නැහැ – මහෙස්ත්‍රාත්වරිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 17:10

ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණය තවමත් නිගමනය කර නැහැ – මහෙස්ත්‍රාත්වරිය

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදු කිරිමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීමකට බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පැවසුවා.

අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මේ බව සදහන් කළේ. මෙම මරණයට අදාළ විවිධ තොරතුරු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන බැවින් මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම අප්‍රසිද්ධියේ සිදු කරන ලෙස මියගිය අයගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අදාළ සාක්ෂි විමසීම තම නිල කාමරය තුළ සිදු කිරිමට තීරණය කළ බවයි මහේස්ත්‍රාත්වරිය පැවසුවේ. දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාළ විමර්ශණවලට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී ඇති බවද මහේස්ත්‍රාත්වරිය කියා සිටියා. එහෙත් මරණයට හේතුව අධිකරණය මගින් තවමත් නිගමනය කර නැති බවයි ඇය සදහන් කළේ. මහේස්ත්‍රාත්වරියගේ ප්‍රකාශයෙන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී සිදු කෙරුණා. මියගිය ෂාෆ්ටර් මහතාගේ සොහොයුරාගෙන් සාක්ෂි සටහන් කර ගැනුණු අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන 8 වනදාට කල් තැබුනා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 17:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්