fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික උද්ධමනය පහළට – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 17:00

ජාතික උද්ධමනය පහළට – ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මාසිකව නිකුත් කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනයේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව 2022 දෙසැම්බර් මාසයේ ලාක්ෂමය මතුපිට උද්ධමනය 59.2% ක් ලෙස වාර්තා වී තිබෙනවා. 2022 නොවැම්බර් මාසයේ එය වාර්තා වී ඇත්තේ 65.0%ක් ලෙසයි. 2022 නොවැම්බර් මාසයේදී 69.8%ක් ලෙස වාර්තා වු ආහාර ඛාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී 59.3%ක් දක්වා අඩු වී තිබෙනවා. ආහාර නොවන ඛාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද 2022 නොවැම්බර් මාසයේ දී 60.4%ක් වු අතර 2022 දෙසැම්බර් මාසයේ දී එය 59.0%ක් දක්වා අඩු වී ඇති බව සදහන්. ආහාර ඛාණ්ඩය සැලකීමේ දී පොල්,  කිරිපිටි,  පලතුරු, පොල් තෙල්,  බිත්තර,  රතු ළූණු සහ කුකුළු මස් යන ආහාර වල මිල ඉහළ ගොස් තිබෙනවා. ලොකු ළූණු,  කරවල,  සීනි,  පරිප්පු ඇතුලු ආහාර වර්ග කිහිපයක මිලෙහි අඩුවීමක් වාර්තා වී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්