fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බදාදා රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 15:11

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බදාදා රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එළඹෙන බදාදා (25) පෙරවරු 9.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

මේ අතර, කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් යුතුව කථානායකවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ලෙස පත් කිරීම පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදු කරන ලදී. ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, ආචාර්ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

ආචාර්ය රාමානුජම් මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර දශකයකට වැඩි කාලයක් අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස සේවය කර තිබේ. දිල්කුෂි
අනුලා විජේසුන්දර මහත්මිය වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර, ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්