රාජ්‍ය සේවක වැටුප නියමිත දිනට ගෙවනවා – මුදල් රාජ්‍ය ඇමති
Related Articles
රාජ්‍ය සේවක වැටුප ජනවාරි 25වනදා නියමිත පරිදි ගෙවීමට හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. විධායක නිලධාරීනගේ වැටුපද එදිනම හෝ දිනක් ප්‍රමාද වී ගෙවීමට හැකි බවයි ඒ මහතා සදහන් කරන්නේ.
රාජ්‍ය සේවක වැටුප් සදහා වැය වන රුපියල් බිලියන 93 ක මුදලින් බිලියන 87 ක් දැනටමත් වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තවදුරටත් පවසනවා. ජනවාරි මාසයේ රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලින 145 ක්. රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව දැනටමත් සිය මාසික ඉලක්කගත ආදායම රුපියල් බිලියන 10 කින් පමණ අඩුවනු ඇතැයි පවසා තිබෙනවා. ජනවාරි මාසයේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 625 ක් ලෙස ගණන් බලා ඇති බවද සියඹලාපිටිය මහතා පවසනවා. නියමිත ආදායම ලැබුණද රුපියල් බිලියන 480 ක හිගයක් ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ.