නව පාසල් වාරයේ දී සිසු දරුදැරියන්ට නිසි පරිදි පෙළපොත් ලබාදීමට පියවර
Related Articles
නව පාසල් වාරයේ දී සිසු දරුදැරියන්ට පෙළපොත් නිසි පරිදි ලබාදීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
2023 වර්ෂයේ නව පාසල්වාරය සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකර එම පෙළපොත්වලින් සියයට 45ක් මුද්‍රණය සදහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට භාරදී තිබෙනවා. ඉතිරි සියයට 55 පෞද්ගලික මුද්‍රණ ආයතනවලට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබුණා. ඒ අනුව සුදුසුකම් ලැබූ පෞද්ගලික මුද්‍රණ ආයතන 22ට මුද්‍රණ ඇණවුම් භාරදී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. ඉන්දීය ණය ආධාර මත ලැබුණ පළමු කඩදාසි තොගය ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති බැවින් පෙළපොත් මුද්‍රණය සිදුකෙරෙමින් පවතිනවා. සිසුන්ට නිසි කලට පෙළපොත් ලබාදීම ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කිරීමට සියලු පියවර අනුගමනය කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.