කැලිෆෝනියා චීන අවුරුද්දට වෙඩි තැබූ ඝාතකයා සියදිවි නසා ගනී
Related Articles
කැලිෆෝනියාවේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා තමාට වෙඩිතබා ගනිමින් සියදිවි හානිකරගෙන තිබෙනවා. ඔහු 72 හැවිරිදි ආසියා ජාතිකයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
චීනයේ නව අවුරුදු උදාව සමරමින් ඇමෙරිකාවේ කැලිෆෝනියා හිදී ඊයේ පැවති උත්සවයක් අතරතුර මෙම පුද්ගලයා වෙඩිතබා පළාගොස් තිබුණා. සිද්ධියෙන් පුද්ගලයින් දස දෙනෙකු මියගිය අතර තුවාල ලැබූ තවත් දස දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් පැය 12ට පසු ආරක්ෂක අංශ සුදු පැහැති වෑන් රථයක් වටකර පරීක්ෂා කිරීමේදී 72 හැවිරිදි හූ කැන් ට්‍රෑන් නමැති ආසියා ජාතිකයෙකු ඔහුට වෙඩිතබාගනිමින් මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙඩි තැබීම සිදුවූ මොන්ටේරේ පාක් ප්‍රදේශයේ ආසියානුවන් හැටදහසක් පමණ වාසය කරනවා.