පෙබරවාරි සහ මාර්තු මාස වලදී පොලී අනුපාත ඉහළ දැමීමට යුරෝපා මහ බැංකුව සුදානම්
Related Articles
එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාස වලදී පොලී අනුපාත ඉහළ දැමීමට යුරෝපා මහ බැංකුව සුදානම් වනවා.
ඒ අනුව 0.5%කින් මාස දෙකේදීම පොලී අනුපාතයන් ඉහළ නැංවෙනු ඇති. ඉන් නොනැවති ඉදිරියටත් පොලී අනුපාත වැඩි කිරීමට සිදු වන බව යුරෝපා මහ බැංකු කවුන්සිලයේ සාමාජික ක්ලාස් නෝට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා. ලෝක ආර්ථික අර්බුදය සහ යුක්රේන යුද ගැටුම් හේතුවෙන් යුරෝපා කලාපයේද දැඩි ලෙස පීඩාවට පත්ව ඇති පසුබිමකයි මෙම පොලී අනුපාත ඉහළ දැමීම සිදු කෙරෙන්නේ.