මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
Related Articles
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.
සමුද්‍ර දේවි සිඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය අසළදී අද උදෑසන පිළී පැණිමකට ලක්වුණා. දුම්රියේ එන්ජිං කොටස කළුතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වන මාර්ගයේ නාවික හමුදා කවුර ඉදිරිපිට දී පිළි පැණ තිබුණා. ඒ අනුව මුහුදු බඩ මාර්ගයේ එක් තීරුවක පමණක් දුම්රිය ධාවනය සිදු කෙරුණා. මේ හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාද වී මගීන් අපහසුතාවට පත්ව සිටින අයුරු දැක ගත හැකි වුණා.