fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 09:02

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. මෙවර විභාගයේ දී නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10 ක කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථා 2200ක දී පැවැත්වෙනවා. මෙවර විභාගයට අයැදුම්කරුවන් 331,709 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. ඉන් 278,196 දෙනෙකු පාසල් අයැදුම්කරුවන් වන අතර 53,513 දෙනෙකු පෞද්ගලික අයැදුම්කරුවන් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ. විභාගය ලබන 17 වනදා දක්වා පැවැත්වෙන අතර විභාග සම්බන්ධීකරණ කටයුතු සදහා මධ්‍යස්ථාන 317 ක් පිහිටුවා තිබෙනවා. විභාග මධ්‍යස්ථාන වල ආරක්ෂාව සදහා ද විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.

මේ අතර මේ අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ ගමන් පහසුව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 23, 2023 09:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්