නවසීලන්ත නව අගමැති එළඹෙන බදාදා දිවුරුම් දෙයි
Related Articles
ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා බවට තහවුරු කර තිබෙනවා.
අද දිනයේ රැස් වු පාලක කම්කරු පක්ෂයේ බහුතරයේ එකමතික සහයෝගය ක්‍රිස් හිප්කින්ස්ට ලැබුණා. ඒ අනුව නවසීලන්ත මීළග අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් තෝරා ගැනුනු අතර කාර්මෙල් සෙපුලෝනි නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පක්ෂය විසින් යෝජනා කෙරුණා. ඉන් අනතුරු ඔවුන් දෙදෙනා අද ඔවුන්ගේ පළමු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වුණා. මාධ්‍ය හමුවට එක්වෙමින් ක්‍රිස් හිප්කින්ස් කියා සිටියේ මෙය තමන් ජිවිතයේ ලද ලොකුම වරප්‍රසාදය සහ ලොකුම වගකීම බවයි. ක්‍රිස් හිප්කින්ස් එළඹෙන බදාදා නව අග්‍රාමාත්‍යවරයා ලෙස නිළ වශයෙන් දිවුරුම් දෙනු ඇති.