මහියංගනය උළු කර්මාන්ත ශාලාව වසර 12කට පසු විවෘත කෙරේ
Related Articles
මහියංගනය උළු කර්මාන්ත ශාලාව වසර 12කට පසු අද විවෘත කෙරුණා.
මහියංගනය උළු කර්මාන්ත ශාලාව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ගරා වැටෙමිනුයි පැවතුනේ. ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පසුගිය දා එහි නිරීක්ෂණ චාරිකාව නියැලුනා. එහිදි රාජ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මහියංගනය උළු කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු යලි ආරම්භ කිරීමට අවධානය යොමු වුණා. ඒ අනුවයි අද දිනයේ උළු කර්මාන්ත ශාලාව යලි විවෘත කෙරුණේ. මහියංගනය උළු කර්මාන්ත ශාලාව මගින් නිවාස සදහා භාවිත කරන උළු මෙන්ම සිංහල උළු ද නිෂ්පාදනය කෙරෙනවා. මීට අමතරව ටේරා කොටා නැමැති ටයිල් වර්ගය ද නිෂ්පාදනය කෙරෙනවා. මෙම ටේරා කොටා ටයිල් වර්ගය ඉතාමත් ශක්තිමත් ටයිල් කැටයක් වන අතර එහි ගුණාත්ම භාවය සඳහා ආසියාවේ ඉහළම තැනක් හිමිවනවා. මේ වන විට ටේරා කොටා නැමති ටයිල් දේශීය අවශ්‍යතාව සපුරාලීමට නිෂ්පාදනය කරනු ලබන අතර ඉදිරියේදී එය අපනයනය කිරීමට ද නියමිතයි. මහියංගනය උළු කර්මාන්ත ශාලාව විවෘත කිරිමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක , තේනුක විදානගමගේ , ආදී වාසි නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.