රදැල්ල අනතුරෙන් මියගිය පස් දෙනාගේ අවසන් කටයුතු දික්ඔය ජුම්මා පල්ලියේ සුසාන භූමියේ දී සිදු කෙරේ
Related Articles
නානුඔය රදැල්ල මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේ දී සිදුකෙරුණා.
මේ අතර අධික බෑවුම් සහිත රදැල්ල මාර්ගයේ බර වාහන ධාවනය ඊයේ දිනයේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා සහභාගි වූ සිසුන් රැගත් බස් රථයක් රදැල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක සහ ත්‍රි රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. එහිදී තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 41 දෙනෙකු , ගුරුවරුන් සහ දෙමව්පියන් ඇතුළු 53 දෙනෙකු රෝහල් ගත කෙරුණු අතර 43 දෙනෙකු ඊයේ පස්වරුව වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
රිය අනතුරෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පස් දෙනෙකු ඇතුළු 7 දෙනෙකු මියගියා. මව , පියා , දියණියන් දෙදෙනා සහ ඥාති පුත්‍රයාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේදී හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේ දී සිදුකෙරුණා. අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටි අතර මෙහිදී විශේෂ යාඥාවක් ද සිදුකෙරුණා. මෙම පිරිස රෝගියෙකු බැලීම සදහා වෑන් රථයකින් ගොස් යළි එමින් සිටියදීයි අනතුරට ලක්වුණේ. එම වෑන් රථයේ දස දෙනෙකු ගමන් කර ඇති අතර බරපතල තුවාල ලැබූ 4 දෙනෙකු නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබනවා. මියගියි පිරිස සිහි කරමින් ඊයේ දිනයේ දී හැටන් නගරයේ සියලුම වෙළෙඳසැල් වසාදමා සුදුකොඩිවලින් සරසා තිබුණා. අනතුරෙන් මියගිය වෑන් රථයේ රියදුරු වන හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ආර්එන්පී දිනේෂ්ගේ දේහය ඔහුගේ නිවසේ තැන්පත්කර තිබෙනවා. අවසන් කටයුතු කුඩාගම පොදු සුසාන භූමියේදී හෙට සිදුකිරීමට නියමිතයි.
මේ අතර හැටදෙහැවිරිදි බස් රථයේ රියදුරු නානුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.