ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Related Articles
වැලිගම දී ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා.
වැලිගම පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දීයි ත්‍රි රෝද රථය ගාලුකුමාරි දුම්රියේ ගැටී ඇත්තේ. එහිදී රථය පැදවූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා නොතකමින් ත්‍රි රෝද රථය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවුණේ. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.