fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නානුඔය කෙටි මාර්ගයේ බරවාහන ධාවනය තාවකාලිකව තහනම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2023 09:57

නානුඔය කෙටි මාර්ගයේ බරවාහන ධාවනය තාවකාලිකව තහනම්

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බරවාහන ධාවනය තාවකාලිකව තහනම් කෙරුණා.

අධික බෑවුම් සහිත මාර්ගයක් වන මෙහි අනතුරු ගණනාවක් සිදුව තිබෙනවා. පාසල් දරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ රාත්‍රියේ අනතුරට ලක්වූයේද රදැල්ල කෙටි මාර්ගයේ කාබර්ග් වත්ත ප්‍රදේශයේදීයි. මේ හේතුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සහ නානුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව නානුඔය කෙටි මාර්ගයේ බරවාහන ධාවනය තහනම් කිරීමට දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පියවර ගත්තා. ඊයේ රාත්‍රි යේ සිදුවූ අනතුරෙන් වෑන් රථයේ ගමන්කළ පුද්ගලයින් 6 දෙනෙකු හා ත්‍රීරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා. වෑන් රථයේ ගමන්කළ සෙසු තුන්දෙනා ද බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුනා. සිසුන් ගමන්කළ බස්රථයක් මෙම වෑන් රථයේ හා ත්‍රීරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2023 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්