බ්‍රිතාන්‍ය අගමැතිට බ්‍රිතාන්‍ය පොලීසියෙන් දඩ
Related Articles
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් සිදුකළ මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය දඩ නියම කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් පසුගිය දා තම මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටින අතර නිකුත් කළ සමාජ මාධ්‍ය විඩීයෝවක් සම්බන්ධයෙනුයි පොලිසිය අවධානය යොමුව ඇත්තේ.
ඔහු මෝටර් රථයක පසුපස ආසනයේ සිට ආසන පටි රහිතව සමාජ මාධ්‍ය ජලා වෙත සජිවී විකාශයක් සිදු කර තිබෙනවා. ආසන පටි පැළදීමෙන් තොරව ගමන් කරන්නේ නම් ඒ සදහා බ්‍රිතාන්‍ය දඩය පවුම් 500ක් වනවා.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරන්නේ අග්‍රාමාත්‍යවරයා තමන් ආසන පටි පළදවීමෙන් තොරව ගමන් කිරීම පිළිබදව වරද පිළිගන්නා බව සදහන් කළ බවයි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක්ගේ ප්‍රවාහන ක්‍රම පිළිබද විපක්ෂය මීට පෙරත් චෝදනා එල්ල කර තිබෙනවා.
කෙටි ගමන් සදහා පුද්ගලික ජෙට් යානා යොදා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය අග්‍රාමාත්‍යවරයාව දැඩිව විවේචනය කිරීමට කටයුතු කළා.