ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නිතිඥ රොනල්ඩ් සී පෙරේරා මහතා අද වැඩ භාර ගත්තා.
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ පාසල් අධ්‍යාපන ලැබු රොනල්ඩ් සී පෙරේරා මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදි උපාධිය හිමිකර ගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඒ මහතා 2012 වසරේදි ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත්වුණා. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී ද ලංකා බැංකු සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. රොනල්ඩ් සී පෙරේරා මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ද කටයුතු කරනවා.