ගොඩකවෙල සතිපොළ නවීකරණය කෙරේ
Related Articles
වසර සියයකටත් වඩා පැරණි ගොඩකවෙල සතිපොළ සියලු පහසුකම් වලින් සමන්විතව නවීකරණය කෙරුණා.
සතිපොළ විවෘත කිරීම සිදුවුයේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
ගොඩකවෙල, පල්ලෙබැද්ද, බලවින්න, නියංගම හා වැලිගේපොළ ආදී ප්‍රදේශ රැසක දහස් ගණනක පිරිසකට මෙම සතිපොළ තුළින් සේවාවන් සැලසෙනවා.
තොග වෙළද මධ්‍යස්ථායක් ලෙස ද වෙළදුන් මෙහි දෛනික ගණුදෙනුවල නිරතවනවා.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දේශීය ණය සංවර්ධන අරමුදල් ප්‍රතිපාදන යටතේ හා සබරගමුව පළාත් සභාවේ අරමුදල් වලින් සතිපොළ ඉදිකෙරුණා. ඒ සදහා රුපියල් කෝටි 5ක මුදලක් වියදම් කර තිබෙනවා.