fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැම්මකට යට වී හිමිනමක් අපවත්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 12:33

බැම්මකට යට වී හිමිනමක් අපවත්වෙයි

පේරාදෙණිය ඒදඩුවාව පුරාණ විහාරස්ථානයේ පුජ්‍ය මැදිවක ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ බැම්මකට යට වී හදිසියේ අපවත් වී තිබෙනවා.

විහාරස්ථානයේ බෝධිප්‍රාකාරය අබලන්වීම හේතුවෙන් එය ප්‍රතිසංස්කරණය කෙරෙමින් තිබුණා. එම ස්ථානයනිරීක්ෂණය කරමින් සිටියදී එම බැම්ම හදිසියේම පූජ්‍ය ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ වෙතට කඩා වැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. බරපතළ තුවාල ලැබූ උන් වහන්සේ පේරාදෙණිය රෝහලට රැගෙන යන විටත් අපවත් වී සිටි බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2023 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්