දුෂ්කර කාලවල දී ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සහයෝගීතාව ප්‍රකාශ කිරීම තම ශ්‍රී ලංකා සංචාරයේ මූලික අරමුණ බව ඉන්දීය විදේශ කටයුතකු අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ හමු වූ අවස්ථාවේදීයී. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ ගිවිසුමකට ද අත්සන් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සිදුකළ ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිතුමාට භාර දුන්නා. ශ්‍රී ලංකාවේ ගැටලුවට විසඳුම් ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීම එහි අරමුණයි.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා.