හරක් කටාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට
Related Articles
නදුන් චින්තක නොහොත් හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටීනා නමැති මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විශේෂ කාර්ය බළකාය මගිනුයි.
විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව මහරගම උඩහේන පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී 31 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගැනුණේ හොරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 800 ක්ද සමගයි.
අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ කිරීමේදී හෙළිව තිබෙන්නේ මෙම කාන්තාව හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනියම් බිරිද බව යැයි විශේෂ කාර්ය බළකාය පවසනවා. මෙම කාන්තාව සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සදහා තිහගොඩ පොලිසියට භාර දී තිබෙනවා.