ගෙළ වැළලාගෙන මියගොස් සිටි දෙදෙනෙකුගේ සිරුරු හමු වෙයි
Related Articles
ගලේවෙල ආදාවෙල ප්‍රදේශයේ නිවසක් තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටි දෙදෙනෙකුගේ සිරුරු හමු වී තිබෙනවා.
මෙය සියදිවි නසා ගැනීමක්ද එසේත් නැතිනම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ආදාගල ප්‍රදේශයේ නිවසක් තුළ මෙසේ මියගොස් සිටි දෙදෙනා වයස අවුරුදු 14 ක දැරියක සහ අවුරුදු 20 ක තරුණයෙකු බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන් දෙදෙනා අතර ප්‍රේමසබදතාවක් පැවති බවත් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් මාසයක පමණ කාලයක් වෙනත් ප්‍රදේශයක කල් ගෙවා ඇති බවත් පොලිසිය පවසනවා.
දැරියගේ දෙමව්පියන් කළ පැමිණිල්ලකට අනුව ඔවුන් සොයා ගත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර දැරිය පරිවාස අධීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව දෙමව්පියන් භාරයට පත් කර තිබෙනවා.
කෙසේ වුවද නිවසින් පළා ආ දැරිය ඊයේ සවස් කාලයේ තරුණයා පදිංචි නිවසට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
අද උදෑසන ඔවුන් දෙදෙනාගේ සිරුරු මෙසේ හමු වී තිබෙනවා. මෙය සියදිවි නසා ගැනීමක්ද එසේ නැතිනම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ගලේවෙල පොලිසිය සදහන් කළේ.