මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය පහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජීවා මේ බව සදහන් කලේ ජාවෝසි පැවැත්වෙන ලෝක ආර්ථික සන්සදය අමතමින්.
යුක්රේන යුද ගැටුම් හා ඉහළ යන පොලීඅනුපාත හේතුවෙන් ආර්ථික වර්ධනය පහළ මට්ටමක පවතින බව ඇය පෙන්වා දෙනවා.
මෙම වසර තුළදී ගෝලීය ආර්ථික වර්ධන වේගය 2.7%ක් දක්වා පහළ වැටෙනු ඇති බවටයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනාවැකි පළකරන්නේ. පසුගිය වසරේදි එය සටහන් වුයේ 3.2%ක් ලෙසයි.
ලෝකය මේ වන විට මුහුණ දී සිටින බරපතළම අභියෝග 3 ලෙස රුසියා – යුක්රේන යුද ගැටුම්,ජීවන වියදම හා ඉහළ යන පොලී අනුපාත නම් කර තිබෙනවා.