ජගත් සංවිධානය සහ තලෙයිබාන් සංවිධානය අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2023 14:49

ජගත් සංවිධානය සහ තලෙයිබාන් සංවිධානය අතර සාකච්ඡාවක්

ජගත් සංවිධානයේ ඉහළ පෙලේ නිළධාරීනියන් පිරිසක් තලේයිබාන් සංවිධානය සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

තලේයිබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ නිරත විම තහනම් කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවකට ලක්වුණා. තලේයිබාන් සංවිධානයේ නව නීති සමග රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑමක් එලල් වි ඇති  බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඇෆ්ගන් කාන්තාවන්ට විශ්වවිද්‍යාල හා පාසල් අධ්‍යාපනය හැදෑරීමට ඇති අයිතිය අවහිර කිරීම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුව තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය අඩපන වුවහොත් එය ඇෆ්ගන් ජනතාවගේ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව ද ජගත් සංවිධානයේ නිලධාරීන් මෙහිදි පෙන්වා දී තිබෙනවා.

2021 වසරේ තලේයිබාන් සංවිධානය බලයට පැමිණීමට පසු පළමුවරටයි ජගත් සංවිධානය ඔවුන් සමග සාකච්ඡාවක් පවත්වා ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2023 14:49