fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ 6ක් පළාත් පාලන ආයතන 22ක් සඳහා නාමයෝජනා භාරදී අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2023 11:29

පක්ෂ 6ක් පළාත් පාලන ආයතන 22ක් සඳහා නාමයෝජනා භාරදී අවසන්

පළාත් පාලන ඡන්ද විමසීම සදහා දේශපාලන පක්ෂ 06 ක් පළාත් පාලන ආයතන 22 ක් සදහා නාමයෝජනා භාරදී තිබෙනවා. දිස්ත්‍රික්ක 09 ක් සදහායි මෙලෙස නාමයෝජනා භාර දී ඇත්තේ.

මේ අතර ඇප මුදල් තැන්පත් කිරීම හෙටින් අවසන් වනවා.

ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 17ක පළාත් පාලන ආයතන රැසකටම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප තැන්පත් කළා. ඒ අනුව පළාත් පාලන ආයතන 44ක් සදහා ඇප තැන්පත් කර තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් 49 ක් ඇප තැන්පත් කළා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම ඊයේ ආරම්භ වුණා. නාමයෝජනා භාර ගැනීම අවසන් වන්නේ ලබන 21 වනදා දහවල් 12ටයි. නාමයෝජනා භාරගැනීමේ කටයුතු අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මඩකලපුව දිස්ත්‍රික්ක‍ සදහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු ස්වාධීන කණ්ඩායම් ද ඇප මුදල් තැන්පත් කළා. පළාත් පාලන ආයතන 12 ක් සදහා මෙලෙස ඇප මුදල් තැන්පත් කළේ.

මේ අතර නිදහස් ජනතා සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණගැසුනා. ඒ කොළඹ දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා භාරදීමට නිශ්චිත ස්ථානයක් ස්ථාපිත කර දෙන ලෙස ඉල්ලමින්.

කළුතර දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය ඇප මුදල් තැන්පත් කළා. ඒ පළාත් පාලන ආයතන 17 ක් සදහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදීයී. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා ඇතු ළු පිරිසක් ඊට එක් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2023 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්