fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගබ්සා පෙති හා මදන මෝදක අලෙවි කිරීමට සුදානමින් සිටි සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2023 10:24

ගබ්සා පෙති හා මදන මෝදක අලෙවි කිරීමට සුදානමින් සිටි සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට

ගබ්සා පෙති හා ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවි කිරීමට සුදානමින් සිටි සැකකරුවන් 3න් දෙනෙකු වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කදවුරේ නිලධාරීන් අනුරාධපුර බස් නැවතුම්පළ ඉදිරිපිට හරස් මාර්ගයේ වැටලීමක් සිදුකළා. එහදී ගබ්සා පෙති  අලෙවි කිරීමට සුදානමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පෙති 55ක් ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් පොල්ගොල්ල හා කොළඹ 12 පදිංචිකරුවන්. සැකකරුවන් දෙදෙනා සමග වෑන් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ෂණ සදහා අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ආර් එම් පි යු කුමාර මහතා වෙත භාරදීමටයි කටයුතු කෙරුණේ.

මේ අතර ගංජා මිශ්‍ර මදනමෝදක 1750ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ද අක්කරෙයිපත්තුව අස්රෆ් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ තිරුක්කෝවිල් කදවුරේ නිලධාරීන් කළ වැටලීමකදියි. සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 19, 2023 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්