fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව වයස්ගතම පුද්ගලයා වන ප්‍රංශ කන්‍යා සොහොයුරිය “ලුසිල් ” ස්වර්ගස්ථ වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 09:52

ලොව වයස්ගතම පුද්ගලයා වන ප්‍රංශ කන්‍යා සොහොයුරිය “ලුසිල් ” ස්වර්ගස්ථ වෙයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසිල් රැන්ඩන් ස්වර්ගස්ථ වුණා.

ලුසිල් රැන්ඩන් කන්‍යා සොහොයුරිය ඇන්ඩ්‍රේ සොහොයුරිය ලෙස ද හඳුන්වනවා.

ප්‍රංශයේ ටූලෝන් නගරයේ දේවස්ථානයක දී ඇය අවසන් සුසුම් හෙළා ඇති බව සඳහන්. ඇය මියයන විට වයස අවුරුදු 118ක්.

පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට දශකයකට පෙර 1904 වසරේ පෙබරවාරි 11 වනදා ඇය උපත ලබා තිබෙනවා.

එමෙන්ම දෙවන ලෝක යුද්ධය අවසන් වීමට වසරකට පෙර 1944 දී කතෝලික පූජකවරියක ලෙස පත්වනවා.

යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස දිගු කාලයක් ඇය පිළිගත් අතර පසුගිය වසරේ 119 හැවිරිදි ජපානයේ කේන් ටනාකාගේ මරණයෙන් පසු ලොව වයස්ගතම පුද්ගලයා බවට ඇය පත්වුණා.

ගිනස් ලෝක වාර්තාව ද 2022 වසරේ දී ඇය නිල වශයෙන් ලොව වයස්ගත පුද්ගලයා ලෙස තහවුරු කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්