fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම අද සිට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 09:43

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද සිට සිදුවනවා. නාමයෝජනා භාරගැනීම අවසන් වන්නේ ලබන 21 වනදා දහවල් 12ටයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය ලබන 20 වනදායින් අවසන් වනවා. ඊයේ වනවිට දේශපාලන පක්ෂ රැසක් මෙන්ම ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත්කර තිබුණා.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද සිට ලබන 21 වනදා දහවල් 12 දක්වා සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

නාමයෝජනා භාරගැනුණද ලබන 20 වනදා දහවල් වන තෙක් ඇප මුදල් තැන්පත් කිරීමට දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම් වලට ඉඩකඩ පවතිනවා.

නාමයෝජනා භාගැනීමේ කටයුතු අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2023 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්