fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිලිවෙලට ස්වීස්ටර්ලන්ත රජයේ සහාය

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 18:55

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිලිවෙලට ස්වීස්ටර්ලන්ත රජයේ සහාය

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිලිවෙලට ස්වීස්ටර්ලන්ත රජයේ සහාය හිමිවී තිබෙනවා.

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදීම කම්කරු සහ විදේශ රැකියා ක්ෂේත්‍ර ඩිජිටල්කරණය කිරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සදහා ස්වීස්ටර්ලන්ත රජයේ සහාය ලැබෙන බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පැවසුවේ. ඊට අදාළ සාකච්ඡාවක් අමාත්‍ය මනුෂ නානානයක්කාර සහ මෙරට ස්වීස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆග්ලර් මහතා අතර අද පැවැත්වුණා. විදේශගත ශ්‍රමිකයන්ට දී ඇති මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඒ සදහා ස්වීස්ටර්ලන්තයේ අත්දැකීම් හා දායකත්වය ලබා දෙනබවයි තානාපතිවරයා පැවසුවේ. සංහිදියා යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කර සත්‍ය ගවේෂණ කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු දැක්වුවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්