fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිගේ නිවසට හානි කළ පිරිස සෙවීමට CIDය මහජන සහය පතයි (Photos)

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 18:45

ජනපතිගේ නිවසට හානි කළ පිරිස සෙවීමට CIDය මහජන සහය පතයි (Photos)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 3  පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුළුවී දේපලවලට හානි කළ සැකකරුවන් හදුනා ගැනීම සදහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.

පසුගිය වසරේ ජුලි මස 9 වනදා කළහකාරී පිරිස් ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ඇතුලුවී දේපලවලට පහරදී ගින්නෙන් හානි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනවා. එම අපරාධයට සම්බන්ධ බවට සැක කළ හැකි පුද්ගලයින්ගේ සිතුවම් කරන ලද ඡායාරූප 5 ක් අපරාධ වාර්තා කොට්ඨාසය නිර්මාණය කර තිබෙනවා. එම රූපවල දැක්වෙන හැඩරුව සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් වට්ස්ඇප් මගින් හෝ දුරකතන ඇමතුම් මගින් දැනුම් දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

ඒ සදහා 071 859 49 13 / 011 244 93 58 හා 0112 320 141 යන දුරකතන අංක විවෘතව පවතිනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 18:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්