fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සත්ව සංරක්ෂණයට හා සත්වෝද්‍යාන කළමනාකරණයට ජාතික ඇකඩමියක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 11:03

සත්ව සංරක්ෂණයට හා සත්වෝද්‍යාන කළමනාකරණයට ජාතික ඇකඩමියක්

සත්ව සංරක්ෂණය හා සත්වෝද්‍යාන කළමනාකරණය පිළිබද ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෘෂිකර්ම,  වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය සදහන් කරන්නේ මෙරට සත්වෝද්‍යාන මගින් වන සතුන් විශේෂ 300කට අයත් සතුන් පන්දහසක් පමණ කළමනාකරණය කෙරෙන බවයි. මෙම කාර්යයන් සම්බන්ධයෙන් විධිමත් ජාතික ඇකඩමියක් නොමැතිවීම බරපතලම අඩුපාඩුවක් බවද එම අමාත්‍යංශය පෙන්වා දෙනවා. දෙස් විදෙස් සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමට හැකිවන පරිදි මෙම සත්ව සංරක්ෂණ සහ සත්වෝද්‍යාන කළමනාකරණය පිළිබද අධ්‍යයන ආයතනය ස්ථාපිත කිරීමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ. ඊට අදාළ අමාතය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්