හොර පාරෙන් කොළඹ යන්න ගිය ඉන්දියාවේ එන්සාල් STF දැලේ
Related Articles
ඉන්දියාවේ සිට නීති විරෝධිව මෙරටට රැගෙන හා රුපියල් ලක්ෂ 150ක් වටිනා එනසාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන හා එනසාල් තොගය කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුනේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදියි.
ප්‍රවාහනයට යොදා ගත් වාහන 02ක් ද සැකකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගැනුණා.
එනසාල් තොගය ජලය කාන්දු නොවන විශේෂ ඇසුරුම්වල අසුරා පොල් ප්‍රවාහනය කරන මුවාවෙන් කොළඹට රැගෙන ඒමට උත්සහ දරා තිබුණා.
සැකකරුවන් කල්පිටිය පුදෙලිවාසල් හා ඒත්තාල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් වැඩිදුර විමර්ෂණ සදහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කලේ.