පෑලියගොඩ වෙඩිතැබීමක් – අයෙකුට තුවාල
Related Articles
පෑලියගොඩ, කළුපාලම ප්‍රදේශයේදී අද (17) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පෑලියගොඩ කලු පාලම අසළ නිවසකට කඩා වැදුණු යතුරුපැදියකින් පැමිණි ගිනි අවි රැගත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එහිදී බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බන්ධනාගාර ගතව සිට මීට සතියකට පමණ පෙර පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.