fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන නව තීරණයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 09:54

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන නව තීරණයක්

විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනයන්හිදීත්, විධායක නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් කැබිනට් අනුමැතිය හිමිවුණා.

2023 වසර සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එමගින් ආදායම් උපයා ගැනීමට යම් කාලයක් ගතවන බැවින් රජයේ මුදල් සීමාවන්ට ගැලපෙන ලෙස ජනවාරි මාසයේ සිට ඉතිරි මාස කිහිපය සදහා වියදම් කළමනාකරණය කරගත යුතු බවයි රජය පවසන්නේ.

ඒ අනුවයි විධායක  නොවන රජයේ නිලධාරීන්ගේ වැටුප නියමිත දිනටත්, විධායක නිලධාරින්ගේ වැටුප මදක් පසුවත් ගෙවීමට තීරණය කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2023 09:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්