ඉකුත් මැයි 09 වනදා දේශපාලකයින් රැසකගේ නිවාසවලට පහරදී ගිණිබත් කිරිමේ සිද්ධීන් පිළිබද විමර්ෂණයක් කර අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුලු ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.
ඒ අනුව අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති 18 දෙනෙකුට ලබන මස 24වනදා කරුණු දක්වන ලෙස නොතිසිද නිකුත් කෙරුණා. පොලිස්පති, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන සාමය පිළිබද අමාත්‍යාංශ ලේකම්වරයා ද ඊට අයත්. මැයි 9 වනදා සිද්ධීන් වලින් නිවාස හානි වු ආචාර්ය බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත්, එස් එම් චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, රෝහිත අබේගුණවර්ධන, කෝකිලා ගුණවර්ධන, සහන් ප්‍රදීප් යන අය ඇතුලු දේශපාලඥයින් 39 දෙනෙකුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.