රුසියාව සහ බෙලරූසය ඒකාබද්ධ මිලිටරී අභ්‍යාසයක් අද ආරම්භ කළා. මෙම යුධ අභ්‍යාසය පෙබරවාරි දක්වා පැවැත්වීමට නියමිතයි.
බෙලරුස් ගුවන් හමුදා කඳවුරේ සිට මෙම යුධ අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. දෙරටේ ගුවන් හමුදා ඊට එක්ව සිටිනවා. කෙසේවෙතත් යුද විශ්ලේෂකයින් සඳහන් කරන්නේ මෙම යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ යුක්රේනයට එරෙහිව රුසියාව සිදු කරන හමුදා ක්‍රියාමාර්ගය තවත් වැඩි කිරීමේ අරමුණින් බවයි. රුසියාව, බෙලරූසය සහ යුක්රේනය අසල්වැසි රාජ්‍යයන් වනවා.